මගේ දයාබර අම්මේ...මගේ පණ නළ නුඹට ණයයි... |
මමයි නුඹේ තාරකාවි
හිරු නුඹ නම්
මමයි පිපෙන මල් කුමාරි
තුරු නුඹ නම්
සැමදා මට සෙවණ දේවී
දන්නවාද නුඹ අම්මේ
මම නුඹගේ පුංචි දෝණි....
සයුර නුඹයි
නුඹේ සෙනහස එහි රැළි වෙයි
ඒ සෙනහස තුළ කිමිදෙන
දිය කිදුරිය වුනේ මමයි
සාගර රැළි පරදාගෙන
නුඹ සෙනහස මවෙත ගලයි
අම්මේ නුඹේ කුසේ ඉදන්
එකට හුස්ම ගත්තේ මමයි....
නුඹේ දැසම මට කිව්වේ
උතුරා යන ආදරයයි
සිව්බඹ විහරණ විහිදෙන
ඒ දැසට ලොවම නතුයි
අද දින මේ මා විදින්නේ
නුඹ මට දුන් ජිවිතයයි
මගේ දයාබර අම්මේ
මගේ පණ නළ නුඹට ණයයි....
ප.ළි-උසස් පෙළ කාළේ පොතක් පිටිපස්සේ ලියලා තිබුණු පද වැලක්.. :)
2 comments:
අම්මගේ ආදරය කවදාවත්ම කවියකට ගීයකට මුසු කරලා නිමා කරන්න බෑ.. ඒ ආදරය ඒ තරමටම විසාලයි..
සෑහෙන කාලයකට පස්සේ ලියන්න හිතුන එක හොදයි. අම්මා කෙනෙක්ගේ ආදරේ මෙහෙමයි කියලා සමාන කරන්න පුලුවන් දෙයක් මේ මිහිපිට තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ.
Post a Comment