Related Posts Plugin for WordPress, Blogger...

සොයුරියේ නුඹ එන්න


සෙනහසින් ළං වෙන්න
මගේ සිතට දිරි දෙන්න
සොයුරියේ නුඹ එන්න
මගේ දිවිය පුබුදන්න
මගේ දුකට සැනසුමට
හැමදාම ළග ඉන්න
හොද නරක පවසන්න
ලස්සනට හිනහෙන්න
ජීවිතය කියා දෙන්න
ඉතින් හිරු පායන්න
සැමදාම ඔබේ ලොවට
ඔබ සිටින තුරාවට
මම සිටිමි ළග ඉන්න
අද මෙන් මතු භවෙත් 
අපි දෙන්නා මේ ලෙසම
එකම කුස උපදින්න
මගේ පැතුමන් මෙන්න

Read More...

මේ හූනා


                                                    හූනා වු කලී කොයි කාගේත් ගෘහස්ත මිත්‍රයාය.මාගේ මාතෘකාවට අනුව "මේ හූනා"යන්න සිංහල භාෂාවෙන් "මෙන්න හූනෙක්"යන්න අරුත් ගැන්වේ.නැතහොත් එය හින්දි භාෂාවට අනුගත වේ නම් "මමඉන්නවනේ"යන්න ප්‍රකාශ වේ.අරුත් දෙක එක් කොට ගත් විට එය සැබැවකි.කෙසේද යත් හූනෙක් නොමැති තැනක් නොමැති නිසාවෙනි."පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ" යන කියමන ඔබ අසා ඇත.එමෙන්ම අගල් 34 ක් වත් දිග නැති මේ පුංචි හූනා මිනිසුන් වන අපට බලපෑම් කරන අපුරුව.කෙසේද යත් සුනන් ඇග වැටිමේ පලා එල ගැන ඔබ නොදන්නවා විය නොහැක.හිස් මුදුනට වැ‍ටුණහොත් හිසේ රුදාවය.වම් අතට වැ‍ටුණහොත් සතුරු බිය ය.දකුණු අතට වැ‍ටුණහොත් ධන ලාභයක්මය....ඒකි නොකි ඕනැම තැනකට වැ‍ටුණහොත් අතුරු අන්ත්‍රරාවක්මය.නැතහොත් ධන ලාභයක්මය.
                                                       මේ මැතකදී එක් දිනකදිත් ඕකා මගේ දකුණු කකුලේ ගැවි නොගැවි ගියා මතකය.පලා එලයට අනුව නම් මරණයකි.යාන්තමට මෙන් හැපි ගිය නිසාවෙන් භාගෙට මරණයක් විය යුතුය.සැබැය.පසු දින මට විභාහගය කට පෙනි සිටිමට සිදුවිය.ප්‍රශ්න ප්‍රත්‍රය දු‍ටු විගසම මාගේ ඇග හිරි වැටිණි.අත්ද වේව්ළයි.කකුල් ඝර්ෂනය වේ.හෘද ස්පන්දනය ද මදකට නතර වී ගොස්ය.සැබැ ලෙසින්ම එය මරණාසන්න පුද්ගලයකු සිහි කරවයි.කෙටියෙන්ම කිවහොත් මට පියවි සිහිය පැමිණෙන විට විනාඩි 4ක් හෝ 5ක් ඉක්ම ගොස්ය.
                                            එම කථාව මදකට පසෙක ළා නැවතත් උක්ත පුද්ගලයා ගැන කිවහොත් ඌටත් ඕන නැති මගුලක් නැත.මන්ද යත් වැඩිහිටියන්ගේ  කථාව වලට පොඩිහිටියන් ඔළුව නොදමන නමුත් කිසිම අවසරයකින් තොරව මොවුන් අපේ  කථාවන් මැදට පැන කෑ ගසා ඔළුව ද වනා යන්නේ සියල්ල දන්නාක් මෙනි.එයද කාරි නැත.මා ගමනක් යාම සදහා කොතරම් හොද ඇදුම් කට්ටලයක් ලා ගත්තද මොවුන් දොරකඩ අසළට වී "චීක්","චීක්" ගැම මා නොරුස්සයි. යම් හෙයිකින් මා ගමනට ප්‍රමාද වන්නේ," හූනාගේ කැගසිම එතරම් හොද නැති බවත්,එබැවින් ටිකක් ප්‍රමාද වි යන්න"යැයි වැඩිහිටියන් පවසන නිසාමත් නොව,මේ කරදරකාර  හූනන්ගේ බයිට් එකට හසුවිමෙන් මට කිහිපවිටක්ම පාහේ ඇදුම් මාරු කිරිමට සිදුවිම නිසාය.ඒ අතින් නම් මොවුන් නිතර දෙවොලේ මාගේ ඇදුම් ගැන වද වෙන අම්මාටත් එහාය.
                                                                     නමුත් මා මෙය ලියන අවස්ථාව වෙන විටත් අහළ පහළ  හූනෙකු බැරිවෙලාවත් හිටියා නම් මට මෙය මුල සිට නැවත සංස්කරණය කිරිමට සිදුවේ.එය එසේ නොවිම සම්බන්ධයෙන් අතිශයින් සතු‍ටු වන මා මින් ඉදිරියටත් "මේ  හූනා"(මම ඉන්නවනේ) යැයි පවසමින් මෙම ලිපිය අවසන් කරමි.


Read More...

හිස් අහසක් පිරා ගියෙමි..( 3 කොටස)

සැමදා සොයුරිය ලෙසින්
දුකට සැපට මා සමග
එකට අත්වැල් බැදන්
සුරතින් සුරත ගිහිලි යාමට
මොහතකටවත් ඉඩ නොදි
ගුරු පාරේ,පන්ති කාමරයේ
පමණක් නොව 
මුළු සමාජය පුරාවටම
කිසිදා මා තනි නොකර
හැමදාමත් දයාවෙන් තුරුලු වී
යොවුනේ අනේක විද
රස රහස් අන් සියල්ලන්ටම
හොරෙන් මා සමග
තෙපලු...
දිවි මගේ වැට කඩුලු
කිසිත් ගණනකට නොගෙන
ඉදිරියටම යන්න අත පැව
මගේ යෙහළියේ
ඔබටම හිතැති වු
යෙහෙළියන් පිරිසකට මැදි වී
මා හුදකළා කර 
රිදවන්නට තරම්
මා ඔබට දැක්වු ලැබදී
සෙනහසේ සැබැ අරුත
වටහාගන්නට 
මගේ අවාසනාවකට 
ඔබට නොහැකි වුවා විය යුතුය
ඉදින්.....
මා බලා සිටිමි
පුංචි කණාමැදිරියෙකුගෙන්
පාර අසාගෙන ඔබ යලිත්
මා ළගට එන තුරාවට........!!!


                                    
නිමි !


Read More...

හිස් අහසක් පිරා ගියෙමි..( 2 කොටස)


                                                                       ගිගුරුම් සහිත වැස්සත් සමගින් කෙමෙන් කෙමෙන් ලොවම අදුරෙහි ගිලවා රාත්‍රීය උදා වත්ම ‍රැ කුමාරියන් පිබිද අවට සුවදවත් කරමින්ය,සද කුමරුන් හිරු කිරණෙන් නැහැවි ලොවේ අදුර යටපත් කරමින්ය,තරු කැට හිනහෙමින් අහස පුරා සිත්තම් මවමින්ය.එ අතර හිස් අවකාශය පුරා හඹා ආ සිහිල් සුළං පොදක් මගේ ශරිරයේ ලැහුම් ගත් නිසාවෙන් මා මදකට යහනේ කොනකට වි මුළු ගැන්විමි.එත් සමග ඔරලොසු මුහුණතේ හොරාවෙන් හොරාව නැගෙන සිනු නාදය එක් දිගට නාදය වෙමින් නතර විය.මමද සිතින් කාලය සමග පසු පසට ගමන් කළෙමි.    
                                                   මෙය සිදු විය හැකිද? මෙතරම් කාලයත් මාත් සමග එකට හිටපු යාළුවා.. එයාට මම කළ වරද මොකක්ද? එයා කොයිතරම් වෙනස් වෙලා ද? ඇයට මට මෙසේ  දොෂාරෝපණය කළ හැකිද..? දහසකුත් ප්‍රශ්න  සිතෙහි එක්ටැම් වෙද්දි පිළිතුරක් නොලද මම සිතින් හඩමින් ගෙදර දුව ආ හැටි අදටත් මතකය.එදා සිට මා හැඩු තරම් දන්නේ කාමරය වටා උස්ව නැගුණු බිත්තිත්,උඩ සිටින දෙවියොත් පමණි.                                                                                                                                                                                      පසුදාට පහන් විය.සුපුරුදු පරිදි මමද පාසල වෙත පිය නැගුවේ කිසිදු දෙයක් නොවු ආකාරයෙනි.එහෙත් ඇයට එසේ නොවිය..වෙනදා තරම්ම ඇයත් මාත් අතර කථාවක් නොවිය,සිනාහවක්ද නොවිය,සබැදියාවක්ද නොවිය.එහෙත් පන්තියේ කිසිවෙකුට ඒ ගැන එතරම් තැකිමක් නොවුයේ,ප්‍රසිද්ධියේ අඩ දබර කර ගැනිමක් අප අතර සිදු නොවු නිසාමය.ඇය අලුත් යහළු,යෙහෙළියන්ට මැදිව සිනා මුසු මුහුණෙන් යුතුව කල් ගෙවිය.මම අනෙක් යෙහෙළියන් ගේ සිනා කවටකම් අතර හුදකලා විමි.හිරු නැගෙන්නට ඇත,බැස යන්නට ඇත.සද මොදු වන්නට ඇත.යළි අලුත් දිනක්  සමග හිරු  උදාවන්ට ඇත.කාළය දින,සති,මාස ගණන් ගෙවි යන්නට ඇත.සියල්ල හිනයක් මෙනි.නොදැනිම අප අ.පො.ස සාමාන්‍ය පෙළ කඩයිමට ළංවෙත්ම පාසැල් අවසන් වාරයේ අවසන් දින කිහිපය උදාවෙමින් පැවතිනි.එක් දිනකදි ඇය ඇගේ සමරු සටහන් පොත මගේ අතට පත් කොට මෙහි සටහනක් දා දෙන මෙන් ඉල්ලිය.පන්තිය කොනක තිබු අසුනක අසුන් ගත් මා,ලියන්නට යමක් සිතමින් දිගු වේලාවක් කාළය කා දැමුවද ලිවිමට කිසිවක් සිතා ගැනිමට නොහැකි විය.එහෙයින් පසු දින ඇගේ අතට පොත පත් කිරිමේ පොරොන්දුව මත පොත ‍රැගෙන ගෙදර ගියද,හඩමින් ‍රැයක් ගෙවා දැමුවා මිස කිසිවක් ලිවිමට තරම් ශක්තියක් මා තුළ නොවිය. 
                                           නමුදු පසුදා පහන් වන්නට කලියෙන් පොතෙහි යමක් කුරු‍ටු ගා පාසලේ දී ඇගේ අතට පොත පත් කරන ලද්දේ,ඇය එය ඒ මොහොත තුළම කියවාවි යැයි දැඩි බලාපොරොතුව මතය.එය එසේ සිදු නොවිය.අහක බලාගෙනම පොත අතට ගත් ඈ එය බැගය තුළ දමා ගනිමි වේගයෙන් එතනින් ලිස්සා ගියා මතකය.එදින එකොලොස් වසරක පාසැල් ජීවිතයේ යහළුවන් සියල්ල සමග ගත කරන අවසාන දිනයයි.අවසන් හොරා කිහිපයයි.නටමින්,ප්‍රිති වෙමින් පළමු හෝරා කිහිපය ගෙවා දැමු මිතුරියන් අවසන් කාළපරිච්චේදය තුළ එකිනෙකා වැළද ගනිමින් හඩන්නට විය.ඒ පිළිබදව අංශු මාත්‍රයක වත් සංවේදිතාවයක් නොදැක් වු මා පන්තියෙන් පිටට ගොස් පාසැල් භුමිය තුළ හිස් ලු ලු අත සැරිසරන්නට විය.නැවත පන්තියට ගොස් මගේ බැගය ද ගෙන විදුලි වේගයෙන් එතනින් දිව ආවේ එම මිතුරියන්,පන්තියේ සොදුරු මතකයන් යළි කිසිදු දිනක ඒ අයුරින් මුණ ගැසිමටවත්,විදිමටවත් අවස්ථාවක් නොලැබෙන බව දැන දැනමත් කළ හැකි කිසිදු දෙයක් නොවු නිසාවෙන්ය.
                                  කාලය ද වේගයෙන් ඉක්ම ගොස් ය.ඔරලොසු මුහුණතෙන් මධ්‍යම රාත්‍රි දොළහේ කණිසම වැදිණි.තව හොරාවක් ඉක්මයාමට මත්තෙන්යළිත් අළුත් දිනක්  සමග හිරු උදාවිය යුතුය.එදින පිළිබදව සිහින මවමින් මමද පසෙකට හැරි නිදා ගත්තෙමි.මගේ පාසැල් ජිවිතයේ එකොලොස් වසරක සොදුරු මතකයන් සමග එක් අමිහිරි මතකයක් බ්ලොග් අවකාශය මත මෙසේ සටහන් වන විට මගේ ආදරණිය යෙහෙළිය ගේ සමරු සටහන්  පොතෙහි තවමත් බොද වෙමින් පවතින පි‍ටුවක මෙසේ සදහන් විය.

ඇගේ සමරු පොතෙහි මගේ සටහන.. තෙවන කොටස සමගින් 3 කොටස

     ***හෙට හිරු පායන තුරු සෑදෑ කළුවරින් මා නික්ම යමි.***


Read More...

හිස් අහසක් පිරා ගියෙමි..( 1 කොටස)


                                            හිස් වු අහසක් දෙස දිගු වෙලාවක් බලා සිටි මට මිහිරි නාදයක් කණ වැකුණු හෙයින් එ දෙසට සවන් යොමු කර සිටියෙමි..
                   එක පුටුවක වාඩි වෙලා..
                   එක පැන්සල දෙකට කඩා..
                   අකුරු කෙරුව කාලය නෑ...
                   ආයෙත් එන්නේ...
                            ගුවන් විදුලියෙන් ඇසෙන මේ ලයාන්විත හඩත් සමග මමත් මගේ පාසැල් අතිතය තුළ මොහොතකට තනි වුයේ එහි පද වැලත් සමග මගේ පාසැල් අතිතය මනා ලෙස ගැලපු නිසාවෙනි.එකලත් යහළු යෙහෙළියන් කොතරම් සිටියත් එක් මිතුරියක් සමග මගේ තිබු බැදියාව වැඩි හෙයින් ඇය මගේ හොදම යෙහෙළිය විය.අප අතර තිබු බැදියාව වචනයකින් දෙකකින් හෝ පි‍ටුවකින් දෙකකින් ලියා අවසන් කළ නොහැකි නිසාවෙන් වැල්වටාරම් නොලියන් නේ දන්නෝ දනිත් බැවිනි.
                                                        පෙර පාසැල් අවධියේ සිටම ලියලා වැඩුණු මිතුරු දමත් සමග ඔබ සේම අපත් පෙර යොවුන් අවධියට පැමිණෙත්ම තවත් කඩ ඉමක ආසන්නයට පැමිණ සිටියෙමු.එනම් අ.පො.ස සාමාන්‍ය පෙළයි.එවිට බොහෝ දෙනා සේම අපද අමතර පන්ති වලට සහභාගි වු අතර ඇය දිවයිනේ ප්‍රසිද්ධ දේශකවරුන් සමග එක් වුවද, මට ඇය හා එක්වන්නට නොලැබුණේ මගේ මවගේ යහළු,යෙහෙළියන් ගේ පන්ති වලට ගොස් හෝ ගෙදරට ගුරුවරු ගෙන්වා ඉගෙන ගැනිමට මට සිදු වු හෙයින්ය.
                                             එසේ කල් ගෙවෙත්ම ඇගේ හැසිරිමේ යම් අමුත්තක් පෙනුනද මම එතරම් ගණනකට නොගත්තෙන් ඇයද මා හට කිසිවක් නොකිවාය.නමුදු ඇයට යම් සම්භන්ධතාවයක් ඇතැයි මට වටින් පිටින් ආරංචි විමත් සමග මම ඇගෙන් ඒ ගැන විමසුවේ මට බොරුවක් නොකියනා බව දන්නා නිසාමය.එය බොරුවක් නොවන බවත් මේ බව මට සැගවිම හේතුව මගේ දෝෂාරොපණ යක් එල්ල විමට ඇති ඉඩ කඩ නිසා විම බවත් ඇගේ පිළිතුර විය.ප්‍රේම සම්භන්ධතාවයකට මගේ විරුද්දත්වයත් නැතත්,එදායින් පසුව මගේ ව්වේචන වලට ඇයට ලක් විමට සිදු වුයේ වයසට එය නොගැලපුනු ක්‍රියාවක්ම වු නිසාවෙන්ම පමනක් බව සදහන් කළ යුතුය.එහි අවසන් ප්‍රති එලය වුයේ ඇය මගෙන් ටිකෙන් ටික දුරස් විමය.එහෙත් ඇය මගේ හොදම යෙහෙළිය වුවෙන්,ඕනෑ දෙයක් කරගත්තාවේ යැයි සිතා පසෙකට විමට පුළුවන් කමක් මට නොමැත.තවත් දිනක මෙසේ ඇයට කරුණු පැහැදිලි කරන්නට ගොස්,ඇයද පෙරළා මට බැන වදින්නට පටන් ගත්තාය.එදින මට අමතක නොවන දිනයකි.ඇය ඉන් පෙර කිසිදු දිනක මට මෙසේ දෝෂාරොපණය කොට නැත,ඉන් පසුව එසේ දෝෂාරොපණය කිරිමට අප දෙදෙනා එකට සිට්යේද නැත.එ වදන් තවමත් සවන් තුළ ‍රැව්පිළි නැගේ.
                                                මෙතෙක් වෙලා මනෝ ලොවක අතරමං වි සිටි මම පියවි ලොවට පැමිණියේ කණේ පාරක් වැදුණාක් මෙන් එය ප්‍රබල වු නිසාවෙනි.එතෙක් වෙලා පැහැදිලිව දිස් වුණු හිස් අහස අදුරු වී ගොස්ය.අහස ගුගුරුවමින් පොළවට වැටෙන මහා වැස්සක පෙර සළකුණු එහිවිය.අතරින් පතර වැටෙන පිණි බිදු සමග දිගු සුසුමකින් කදුලු බිදක් නිල් තණ පත් අතර සැගවිණි..... 


   ***හෙට හිරු පායන තුරු සෑදෑ කළුවරින් මා නික්ම යමි.***         2 කොටස


Read More...

නින්දක් නොමැතිව

රැයක් උදාවිය-සදත් නැගි ගිය
හිතක් ඔහේ ගිය-තැනක් නැතිවනම
බොහෝ දුක් දිය-කිසිත් නැතිවම
උදෑසනක් විය-හිරුත් නැගි ගිය
දුකක් නිමක් නැත-හිතක් හඩා ගිය
නින්දක්  නොමැතිව-‍රැයක් පහන් විය




Read More...

මේ වළෙන් ගොඩටගන්න ජීවිතේ


හෝ......හෝ..හෝ,හෝ... හෝ....//
මගේ සපත්තුවත් කැඩිලාපොත් ටිකේ දැල් බැදිලා
ඒ නමුත් මේ වළෙන් ගොඩටගන්න ජීවිතේ
මගේ අම්මි නිදි මරන් සාදාදුන් බතුත් අරන්
මහ සරසවියට යන්නේමලු පුරවාගෙන අතින්
මහ වැස්සේ.....ගං වතුරේදිත්
අපි EXAM ගොඩගන්න lecture යනවා
lectures ලා හා ලොකු ලොකු professor s  ලා
අපිව බුරුතු පිටින් බානවාහෝ.......හෝ..හෝ,හෝ... හෝ....//



Read More...

ස්ට්ර්‍ර ද අස්ට්ර්‍ර ද


හරියන කොට
දිනන කොට
දියුණු වෙනකොට
නැගලා යනකොට
කොයි තරම් ස්ට්ර්‍ර ද 
මේ ජීවිතය....
වරදින කොට
පරදින කොට
අඩන කොට
වැටි යන විට
කොයි තරම්අස්ට්ර්‍ර ද
මේ ජීවිතය.....





Read More...

අම්මා ළගට දුවලා එන්න


ලෝකේ මොන තරම්  සතු‍ටු වෙන්න තැන් තිබුණත් 
ගෙදර යන තරම් සතුටක් කොහේද...
ලෝකේ මොන තරම් ගුණවත් කෑම තිබුණත් අම්මාගේ අතින් උයලා කන කෑමක් තරම් කොහේද...
ලෝකේ  මොන තරම්  රසවත් පානයන් තිබුණත් 
අම්මා හදලා දෙන කිරි කොප්පයක් තරම් කොහේද...
ලෝකේ  මොන තරම්  සුමිහිරි මිහිරි සංගීත තිබුණත් 
අම්මාගෙන් අහගන්න බැනුමක තරම් මිහිරක් එවයේ කොහේද...
ලෝකේ  මොන තරම්  ආදරයක් තිබුණත්
අම්මගෙන් ලැබෙන සෙනහස තරම් කොහේද...
ලෝකේ  මොන තරම්  නිවාඩු තිබුණත්  
අනේ මට අම්මා ළගට දුවලා එන්න තරම් නිවාඩුවක් කොහේද....

Read More...
Related Posts Plugin for WordPress, Blogger...