Related Posts Plugin for WordPress, Blogger...

සොයුරියේ නුඹ එන්න


සෙනහසින් ළං වෙන්න
මගේ සිතට දිරි දෙන්න
සොයුරියේ නුඹ එන්න
මගේ දිවිය පුබුදන්න
මගේ දුකට සැනසුමට
හැමදාම ළග ඉන්න
හොද නරක පවසන්න
ලස්සනට හිනහෙන්න
ජීවිතය කියා දෙන්න
ඉතින් හිරු පායන්න
සැමදාම ඔබේ ලොවට
ඔබ සිටින තුරාවට
මම සිටිමි ළග ඉන්න
අද මෙන් මතු භවෙත් 
අපි දෙන්නා මේ ලෙසම
එකම කුස උපදින්න
මගේ පැතුමන් මෙන්න

8 comments:

Unknown said...

අනේ අනේ සහෝදරයන්ට මුකුත් නැනේ :D ....නියම අදහස

Unknown said...

පැතුම ඉටුවේවා කියලා ඔන්න ප්‍රර්ථනා කරා.. :D :D

sanjaya සිතුවිලි said...

නියමයි නියමයි ...

සංකල්ප said...

මේ කවිය ලිව්වේ තමන්ගෙම අක්කටද ?
ලස්සන අදහසක් චතු මිතු !!!

ප.ලි. - මේකද ඔයාගේ අලුත්ම බ්ලොග් එක ? නියමයි මම් මේක එහෙනම් මගේ රිඩර් එකට දාගන්නම්.

රත්ගමයා said...

හෑ....අක්කද නංගිද?

චතුර.... said...

ලස්සන සිතුවිල්ලක්..

නදුන් උයන said...

මගෙත් ජීවිතේට හොඳම යාලුව උනේ මගෙ අක්ක.... කවි පෙල හරිම සිතට සමීප උනා...

චතුමිතු said...

අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි -:මට ඉතින් සහෝදරයෝ නෑ නේ.. :)
ChammA,sanjaya,චතුර-:ස්තුතියි.. :)
මධුරංග-:ඔව් අනේ මම ඉතින් වෙන කාට කවි කියන්නද???
නදුන් උයන-:ස්තුතියි..සත්තකින්ම..වෙන කවුද එයා තමයි මගෙත් හොදම යාළුවා.. :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...