Related Posts Plugin for WordPress, Blogger...

හිස් අහසක් පිරා ගියෙමි..( 2 කොටස)


                                                                       ගිගුරුම් සහිත වැස්සත් සමගින් කෙමෙන් කෙමෙන් ලොවම අදුරෙහි ගිලවා රාත්‍රීය උදා වත්ම ‍රැ කුමාරියන් පිබිද අවට සුවදවත් කරමින්ය,සද කුමරුන් හිරු කිරණෙන් නැහැවි ලොවේ අදුර යටපත් කරමින්ය,තරු කැට හිනහෙමින් අහස පුරා සිත්තම් මවමින්ය.එ අතර හිස් අවකාශය පුරා හඹා ආ සිහිල් සුළං පොදක් මගේ ශරිරයේ ලැහුම් ගත් නිසාවෙන් මා මදකට යහනේ කොනකට වි මුළු ගැන්විමි.එත් සමග ඔරලොසු මුහුණතේ හොරාවෙන් හොරාව නැගෙන සිනු නාදය එක් දිගට නාදය වෙමින් නතර විය.මමද සිතින් කාලය සමග පසු පසට ගමන් කළෙමි.    
                                                   මෙය සිදු විය හැකිද? මෙතරම් කාලයත් මාත් සමග එකට හිටපු යාළුවා.. එයාට මම කළ වරද මොකක්ද? එයා කොයිතරම් වෙනස් වෙලා ද? ඇයට මට මෙසේ  දොෂාරෝපණය කළ හැකිද..? දහසකුත් ප්‍රශ්න  සිතෙහි එක්ටැම් වෙද්දි පිළිතුරක් නොලද මම සිතින් හඩමින් ගෙදර දුව ආ හැටි අදටත් මතකය.එදා සිට මා හැඩු තරම් දන්නේ කාමරය වටා උස්ව නැගුණු බිත්තිත්,උඩ සිටින දෙවියොත් පමණි.                                                                                                                                                                                      පසුදාට පහන් විය.සුපුරුදු පරිදි මමද පාසල වෙත පිය නැගුවේ කිසිදු දෙයක් නොවු ආකාරයෙනි.එහෙත් ඇයට එසේ නොවිය..වෙනදා තරම්ම ඇයත් මාත් අතර කථාවක් නොවිය,සිනාහවක්ද නොවිය,සබැදියාවක්ද නොවිය.එහෙත් පන්තියේ කිසිවෙකුට ඒ ගැන එතරම් තැකිමක් නොවුයේ,ප්‍රසිද්ධියේ අඩ දබර කර ගැනිමක් අප අතර සිදු නොවු නිසාමය.ඇය අලුත් යහළු,යෙහෙළියන්ට මැදිව සිනා මුසු මුහුණෙන් යුතුව කල් ගෙවිය.මම අනෙක් යෙහෙළියන් ගේ සිනා කවටකම් අතර හුදකලා විමි.හිරු නැගෙන්නට ඇත,බැස යන්නට ඇත.සද මොදු වන්නට ඇත.යළි අලුත් දිනක්  සමග හිරු  උදාවන්ට ඇත.කාළය දින,සති,මාස ගණන් ගෙවි යන්නට ඇත.සියල්ල හිනයක් මෙනි.නොදැනිම අප අ.පො.ස සාමාන්‍ය පෙළ කඩයිමට ළංවෙත්ම පාසැල් අවසන් වාරයේ අවසන් දින කිහිපය උදාවෙමින් පැවතිනි.එක් දිනකදි ඇය ඇගේ සමරු සටහන් පොත මගේ අතට පත් කොට මෙහි සටහනක් දා දෙන මෙන් ඉල්ලිය.පන්තිය කොනක තිබු අසුනක අසුන් ගත් මා,ලියන්නට යමක් සිතමින් දිගු වේලාවක් කාළය කා දැමුවද ලිවිමට කිසිවක් සිතා ගැනිමට නොහැකි විය.එහෙයින් පසු දින ඇගේ අතට පොත පත් කිරිමේ පොරොන්දුව මත පොත ‍රැගෙන ගෙදර ගියද,හඩමින් ‍රැයක් ගෙවා දැමුවා මිස කිසිවක් ලිවිමට තරම් ශක්තියක් මා තුළ නොවිය. 
                                           නමුදු පසුදා පහන් වන්නට කලියෙන් පොතෙහි යමක් කුරු‍ටු ගා පාසලේ දී ඇගේ අතට පොත පත් කරන ලද්දේ,ඇය එය ඒ මොහොත තුළම කියවාවි යැයි දැඩි බලාපොරොතුව මතය.එය එසේ සිදු නොවිය.අහක බලාගෙනම පොත අතට ගත් ඈ එය බැගය තුළ දමා ගනිමි වේගයෙන් එතනින් ලිස්සා ගියා මතකය.එදින එකොලොස් වසරක පාසැල් ජීවිතයේ යහළුවන් සියල්ල සමග ගත කරන අවසාන දිනයයි.අවසන් හොරා කිහිපයයි.නටමින්,ප්‍රිති වෙමින් පළමු හෝරා කිහිපය ගෙවා දැමු මිතුරියන් අවසන් කාළපරිච්චේදය තුළ එකිනෙකා වැළද ගනිමින් හඩන්නට විය.ඒ පිළිබදව අංශු මාත්‍රයක වත් සංවේදිතාවයක් නොදැක් වු මා පන්තියෙන් පිටට ගොස් පාසැල් භුමිය තුළ හිස් ලු ලු අත සැරිසරන්නට විය.නැවත පන්තියට ගොස් මගේ බැගය ද ගෙන විදුලි වේගයෙන් එතනින් දිව ආවේ එම මිතුරියන්,පන්තියේ සොදුරු මතකයන් යළි කිසිදු දිනක ඒ අයුරින් මුණ ගැසිමටවත්,විදිමටවත් අවස්ථාවක් නොලැබෙන බව දැන දැනමත් කළ හැකි කිසිදු දෙයක් නොවු නිසාවෙන්ය.
                                  කාලය ද වේගයෙන් ඉක්ම ගොස් ය.ඔරලොසු මුහුණතෙන් මධ්‍යම රාත්‍රි දොළහේ කණිසම වැදිණි.තව හොරාවක් ඉක්මයාමට මත්තෙන්යළිත් අළුත් දිනක්  සමග හිරු උදාවිය යුතුය.එදින පිළිබදව සිහින මවමින් මමද පසෙකට හැරි නිදා ගත්තෙමි.මගේ පාසැල් ජිවිතයේ එකොලොස් වසරක සොදුරු මතකයන් සමග එක් අමිහිරි මතකයක් බ්ලොග් අවකාශය මත මෙසේ සටහන් වන විට මගේ ආදරණිය යෙහෙළිය ගේ සමරු සටහන්  පොතෙහි තවමත් බොද වෙමින් පවතින පි‍ටුවක මෙසේ සදහන් විය.

ඇගේ සමරු පොතෙහි මගේ සටහන.. තෙවන කොටස සමගින් 3 කොටස

     ***හෙට හිරු පායන තුරු සෑදෑ කළුවරින් මා නික්ම යමි.***


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...