Related Posts Plugin for WordPress, Blogger...

හිස් අහසක් පිරා ගියෙමි..( 1 කොටස)


                                            හිස් වු අහසක් දෙස දිගු වෙලාවක් බලා සිටි මට මිහිරි නාදයක් කණ වැකුණු හෙයින් එ දෙසට සවන් යොමු කර සිටියෙමි..
                   එක පුටුවක වාඩි වෙලා..
                   එක පැන්සල දෙකට කඩා..
                   අකුරු කෙරුව කාලය නෑ...
                   ආයෙත් එන්නේ...
                            ගුවන් විදුලියෙන් ඇසෙන මේ ලයාන්විත හඩත් සමග මමත් මගේ පාසැල් අතිතය තුළ මොහොතකට තනි වුයේ එහි පද වැලත් සමග මගේ පාසැල් අතිතය මනා ලෙස ගැලපු නිසාවෙනි.එකලත් යහළු යෙහෙළියන් කොතරම් සිටියත් එක් මිතුරියක් සමග මගේ තිබු බැදියාව වැඩි හෙයින් ඇය මගේ හොදම යෙහෙළිය විය.අප අතර තිබු බැදියාව වචනයකින් දෙකකින් හෝ පි‍ටුවකින් දෙකකින් ලියා අවසන් කළ නොහැකි නිසාවෙන් වැල්වටාරම් නොලියන් නේ දන්නෝ දනිත් බැවිනි.
                                                        පෙර පාසැල් අවධියේ සිටම ලියලා වැඩුණු මිතුරු දමත් සමග ඔබ සේම අපත් පෙර යොවුන් අවධියට පැමිණෙත්ම තවත් කඩ ඉමක ආසන්නයට පැමිණ සිටියෙමු.එනම් අ.පො.ස සාමාන්‍ය පෙළයි.එවිට බොහෝ දෙනා සේම අපද අමතර පන්ති වලට සහභාගි වු අතර ඇය දිවයිනේ ප්‍රසිද්ධ දේශකවරුන් සමග එක් වුවද, මට ඇය හා එක්වන්නට නොලැබුණේ මගේ මවගේ යහළු,යෙහෙළියන් ගේ පන්ති වලට ගොස් හෝ ගෙදරට ගුරුවරු ගෙන්වා ඉගෙන ගැනිමට මට සිදු වු හෙයින්ය.
                                             එසේ කල් ගෙවෙත්ම ඇගේ හැසිරිමේ යම් අමුත්තක් පෙනුනද මම එතරම් ගණනකට නොගත්තෙන් ඇයද මා හට කිසිවක් නොකිවාය.නමුදු ඇයට යම් සම්භන්ධතාවයක් ඇතැයි මට වටින් පිටින් ආරංචි විමත් සමග මම ඇගෙන් ඒ ගැන විමසුවේ මට බොරුවක් නොකියනා බව දන්නා නිසාමය.එය බොරුවක් නොවන බවත් මේ බව මට සැගවිම හේතුව මගේ දෝෂාරොපණ යක් එල්ල විමට ඇති ඉඩ කඩ නිසා විම බවත් ඇගේ පිළිතුර විය.ප්‍රේම සම්භන්ධතාවයකට මගේ විරුද්දත්වයත් නැතත්,එදායින් පසුව මගේ ව්වේචන වලට ඇයට ලක් විමට සිදු වුයේ වයසට එය නොගැලපුනු ක්‍රියාවක්ම වු නිසාවෙන්ම පමනක් බව සදහන් කළ යුතුය.එහි අවසන් ප්‍රති එලය වුයේ ඇය මගෙන් ටිකෙන් ටික දුරස් විමය.එහෙත් ඇය මගේ හොදම යෙහෙළිය වුවෙන්,ඕනෑ දෙයක් කරගත්තාවේ යැයි සිතා පසෙකට විමට පුළුවන් කමක් මට නොමැත.තවත් දිනක මෙසේ ඇයට කරුණු පැහැදිලි කරන්නට ගොස්,ඇයද පෙරළා මට බැන වදින්නට පටන් ගත්තාය.එදින මට අමතක නොවන දිනයකි.ඇය ඉන් පෙර කිසිදු දිනක මට මෙසේ දෝෂාරොපණය කොට නැත,ඉන් පසුව එසේ දෝෂාරොපණය කිරිමට අප දෙදෙනා එකට සිට්යේද නැත.එ වදන් තවමත් සවන් තුළ ‍රැව්පිළි නැගේ.
                                                මෙතෙක් වෙලා මනෝ ලොවක අතරමං වි සිටි මම පියවි ලොවට පැමිණියේ කණේ පාරක් වැදුණාක් මෙන් එය ප්‍රබල වු නිසාවෙනි.එතෙක් වෙලා පැහැදිලිව දිස් වුණු හිස් අහස අදුරු වී ගොස්ය.අහස ගුගුරුවමින් පොළවට වැටෙන මහා වැස්සක පෙර සළකුණු එහිවිය.අතරින් පතර වැටෙන පිණි බිදු සමග දිගු සුසුමකින් කදුලු බිදක් නිල් තණ පත් අතර සැගවිණි..... 


   ***හෙට හිරු පායන තුරු සෑදෑ කළුවරින් මා නික්ම යමි.***         2 කොටස


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...