Related Posts Plugin for WordPress, Blogger...

මේ හූනා


                                                    හූනා වු කලී කොයි කාගේත් ගෘහස්ත මිත්‍රයාය.මාගේ මාතෘකාවට අනුව "මේ හූනා"යන්න සිංහල භාෂාවෙන් "මෙන්න හූනෙක්"යන්න අරුත් ගැන්වේ.නැතහොත් එය හින්දි භාෂාවට අනුගත වේ නම් "මමඉන්නවනේ"යන්න ප්‍රකාශ වේ.අරුත් දෙක එක් කොට ගත් විට එය සැබැවකි.කෙසේද යත් හූනෙක් නොමැති තැනක් නොමැති නිසාවෙනි."පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ" යන කියමන ඔබ අසා ඇත.එමෙන්ම අගල් 34 ක් වත් දිග නැති මේ පුංචි හූනා මිනිසුන් වන අපට බලපෑම් කරන අපුරුව.කෙසේද යත් සුනන් ඇග වැටිමේ පලා එල ගැන ඔබ නොදන්නවා විය නොහැක.හිස් මුදුනට වැ‍ටුණහොත් හිසේ රුදාවය.වම් අතට වැ‍ටුණහොත් සතුරු බිය ය.දකුණු අතට වැ‍ටුණහොත් ධන ලාභයක්මය....ඒකි නොකි ඕනැම තැනකට වැ‍ටුණහොත් අතුරු අන්ත්‍රරාවක්මය.නැතහොත් ධන ලාභයක්මය.
                                                       මේ මැතකදී එක් දිනකදිත් ඕකා මගේ දකුණු කකුලේ ගැවි නොගැවි ගියා මතකය.පලා එලයට අනුව නම් මරණයකි.යාන්තමට මෙන් හැපි ගිය නිසාවෙන් භාගෙට මරණයක් විය යුතුය.සැබැය.පසු දින මට විභාහගය කට පෙනි සිටිමට සිදුවිය.ප්‍රශ්න ප්‍රත්‍රය දු‍ටු විගසම මාගේ ඇග හිරි වැටිණි.අත්ද වේව්ළයි.කකුල් ඝර්ෂනය වේ.හෘද ස්පන්දනය ද මදකට නතර වී ගොස්ය.සැබැ ලෙසින්ම එය මරණාසන්න පුද්ගලයකු සිහි කරවයි.කෙටියෙන්ම කිවහොත් මට පියවි සිහිය පැමිණෙන විට විනාඩි 4ක් හෝ 5ක් ඉක්ම ගොස්ය.
                                            එම කථාව මදකට පසෙක ළා නැවතත් උක්ත පුද්ගලයා ගැන කිවහොත් ඌටත් ඕන නැති මගුලක් නැත.මන්ද යත් වැඩිහිටියන්ගේ  කථාව වලට පොඩිහිටියන් ඔළුව නොදමන නමුත් කිසිම අවසරයකින් තොරව මොවුන් අපේ  කථාවන් මැදට පැන කෑ ගසා ඔළුව ද වනා යන්නේ සියල්ල දන්නාක් මෙනි.එයද කාරි නැත.මා ගමනක් යාම සදහා කොතරම් හොද ඇදුම් කට්ටලයක් ලා ගත්තද මොවුන් දොරකඩ අසළට වී "චීක්","චීක්" ගැම මා නොරුස්සයි. යම් හෙයිකින් මා ගමනට ප්‍රමාද වන්නේ," හූනාගේ කැගසිම එතරම් හොද නැති බවත්,එබැවින් ටිකක් ප්‍රමාද වි යන්න"යැයි වැඩිහිටියන් පවසන නිසාමත් නොව,මේ කරදරකාර  හූනන්ගේ බයිට් එකට හසුවිමෙන් මට කිහිපවිටක්ම පාහේ ඇදුම් මාරු කිරිමට සිදුවිම නිසාය.ඒ අතින් නම් මොවුන් නිතර දෙවොලේ මාගේ ඇදුම් ගැන වද වෙන අම්මාටත් එහාය.
                                                                     නමුත් මා මෙය ලියන අවස්ථාව වෙන විටත් අහළ පහළ  හූනෙකු බැරිවෙලාවත් හිටියා නම් මට මෙය මුල සිට නැවත සංස්කරණය කිරිමට සිදුවේ.එය එසේ නොවිම සම්බන්ධයෙන් අතිශයින් සතු‍ටු වන මා මින් ඉදිරියටත් "මේ  හූනා"(මම ඉන්නවනේ) යැයි පවසමින් මෙම ලිපිය අවසන් කරමි.


8 comments:

sansarasidu said...

අපූරුවට ලියල තියෙනවා...
ඕං එහෙනම් ඕනදේකට අපිත් “මේ හූනා“

sanjaya සිතුවිලි said...

අපුරුයි ...

චතුමිතු said...

@sansarasidu & sanjaya සිතුවිලි -:සොදුරු අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට..

මි හරක් පිඩියා said...

කවුරු නැතත්
"මේ හුනා"......

චතුර.... said...

මුල්ම වතාවට මේ පැත්තේ ආවේ.. මෑතක මට නම් දීර්ඝායුෂ තියෙනවයි කිව්වා ඔය හූනෙක්..මොනව වෙතත් "මේ හු නා.."

සංකල්ප said...

හූනා ගැන කිව්වම මතක් උනේ ඔය හූනූ සාස්තරේ තියෙනවා හූනෙක් ඇඟ දිගේ දිව්වොත් දීර්ඝායුෂ ලැබෙනවා කියලා. දවසක් අපේ මලයා බිත්තියේ හිටපු හූනෙක්ට කොස්සෙන් ඇනලා ඌව ඇගට වට්ට ගත්තා. හික්ස් :)

Unknown said...

මේ හුනා..........................................

maleesha said...

මෙ හුනා..............

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...