Related Posts Plugin for WordPress, Blogger...

හිස් අහසක් පිරා ගියෙමි..( 3 කොටස)

සැමදා සොයුරිය ලෙසින්
දුකට සැපට මා සමග
එකට අත්වැල් බැදන්
සුරතින් සුරත ගිහිලි යාමට
මොහතකටවත් ඉඩ නොදි
ගුරු පාරේ,පන්ති කාමරයේ
පමණක් නොව 
මුළු සමාජය පුරාවටම
කිසිදා මා තනි නොකර
හැමදාමත් දයාවෙන් තුරුලු වී
යොවුනේ අනේක විද
රස රහස් අන් සියල්ලන්ටම
හොරෙන් මා සමග
තෙපලු...
දිවි මගේ වැට කඩුලු
කිසිත් ගණනකට නොගෙන
ඉදිරියටම යන්න අත පැව
මගේ යෙහළියේ
ඔබටම හිතැති වු
යෙහෙළියන් පිරිසකට මැදි වී
මා හුදකළා කර 
රිදවන්නට තරම්
මා ඔබට දැක්වු ලැබදී
සෙනහසේ සැබැ අරුත
වටහාගන්නට 
මගේ අවාසනාවකට 
ඔබට නොහැකි වුවා විය යුතුය
ඉදින්.....
මා බලා සිටිමි
පුංචි කණාමැදිරියෙකුගෙන්
පාර අසාගෙන ඔබ යලිත්
මා ළගට එන තුරාවට........!!!


                                    
නිමි !


3 comments:

Madhawa Habarakada said...

ලස්සන කවක්.
ගැඹුරු අරුතක්.
බිඳුනු හදක්.
යළිත් එන තෙක්.
බලා සිටිනා,
මිතුරු හිතක්...

චතුමිතු said...

@Madhawa Habarakada -:සත්තකින්ම යාළුවා..:) බලා හිදිමි මා ඇය එන තුරා..

සංකල්ප said...

ලස්සන කවි අදහසක්.!!!!!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...