ලොවක් එළිය කර නැගෙනා හිරු සේ
නුඹේ රුව එළියක් වෙන්න ඇතිඑ හින්දම පෙර එක් දවසක දී
නුඹ හමුවට මම එන්න ඇති...
හිරු දැක හිනහෙන දහසක් මල් සේ
නුඹේ සිනහව සුන්දර වෙන්න ඇති
ඔය නෙතු අද්දර රැදුනු සිනහවට
එ හින්දම මගේ සිත බැදෙන්න ඇති...
දවසම වෙහෙසි මැලවෙන තුරු සේ
නුඹේ ගතේ විඩාව තියෙන්න ඇති
නුඹ ළග රැදි සිසිලට කෙදිනකවත්
එය මට නොදැනෙන්න ඇති..
සද ළග හිනහෙන තරු පිරිවර සේ
නුඹේ ළග යහළුවෝ රැදෙන්න ඇති
නුඹ හට නොදැනුනේ මං ගැන
තරුවක් වෙන්නට වරමක් මට නැතුව ඇති...
වන තුරු අත් නොහරින වැල් සේ
සසරින් සසරට නුඹ අත් නොහරින්න ඇති
නොසිටිය මුත් නුඹ ළගින්ම අද මගේ
මගේ අක්කම වී පෙර භවයක ළග ඉන්න ඇති..
දියතක් පිරා ගලනා ගග සේ
මගේ සෙනහස නුඹ වෙත ගලන්න ඇති
පෙරදා වාගේම නොදැනෙනේ අද
ඒ ගග මුහුදට බැස යන්න ඇති..
2 comments:
මොකක්වත් සිද්ධ වුණාද?... කවි ටික නම් නියමයි
ශා මරු නේ චතු...මට මතක් උනේ "මේ අයුරින් අපි" සින්දුව..
Post a Comment