Related Posts Plugin for WordPress, Blogger...

සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියෝ..!


මධුරංග ගේ පොස්ට් එක දැක්කහමයි මතක් වුණේ..අපේ අක්කාගේ උපන් දිනයත් හෙට(2011/08/05).අනේ මන්දා මෙලෝ දෙයක් කළේ නෑ මේ වැඩ අස්සේ..ඉදලා ඉදලා ඉපදුනා නේ ඉතින්..:O ඇයි අනේ වෙන දවසක ඉපදෙන්න තිබුණා නේ..:P කොහොම හරි දැන් උපන් දින සුභ පැතුම් පතක් වත් හදන්න එපැයැ..මට කියලත් අක්කලා ගොඩක් ඉන්න එකක් යැ..කොහොමෙන් කොහොම හරි මම වැඩේට අත ගැහුවා..අත ගැහුවට මොකෝ මගේ පිස්සන් කො‍ටුව අනිත් පැත්ත දාලවත් මට එක තනි සුදු කොළයක් හොයාගන්න බැරි වුණා නේ..:/ වැඩේ හරියන්නේ නෑ.අක්කා බෝඩිමේ නෑ...ගෙදර ගිහිල්ලා.අක්කත් එක්ක රූම් එකේ ඉන්න නංගියත් නෑ.කැම්පස් ගිහින් තාම ඇවිත් නෑ.( මායි අක්කයි ඉන්නේ එකම බෝඩිමේ.එකම බෝඩිමේ වුණාට කාමර දෙකක.)ලද ඇසිල්ලෙන් මාත් පැනගත්තා අක්කාගේ කාමරයට..ඉතින් හෙවුවා සුදු කඩදාසියක්.. හොයාගෙන හොයාගෙන යනකොට අහුවුණා කොළ කෑළි පුරවපු ෆයිල් එකක්.ඒ කාමරේ ඉදගෙන ඕක බලන්න බෑ නේ අනේ.....මම එකත් අරගෙන මගේ කාමරේට පැනගත්තා.දන්නවද එකේ තිබුණේ මොනවද කියලා..පාට පාට A4කොළ,යහළු යෙහෙළියන් ගෙන් ලැබුණු සුබ පැතුම් පත්,තෑගි පාර්සල් කරන කොළ,රිබන් පටි එහෙමත් තිබුණා.අපේ අක්කි කොහොමත් අරපරෙස්සම්ය.නංගි විපරම්ය.එබැවින් අක්කා අරපරෙස්සම් කරන දෑ නංගාට මනා ලෙස හසුවේය.. :D එත් එක්කම තිබුණු තවත් කොළ කිහිපයක්දැකලා මගේ ඇස් වලට කදුළු පිරුණා... සත්තයි.ඒ වෙන මොනවත් නෙවේයි මම අක්කට එක්තරා කාළයක දී ලියලා එවපු ලියුම් වගයකු යි,කවි කිහිපයකුයි...ඒ හැම දෙයක්ම මනා ලෙස පිළිවළකට අසුරලා තිබුණා.අක්කා එවා එතරම් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා කියලා මට කවදාවත්ම හිතුණේ නෑ.කොහොම වුණත් මට සුබ පැතුම් පත්‍රයක් නිර්මාණය කර ගන්න ඔනේ කරන සියලු කළමණා ෆයිල් එක ඇතුලේ නම් තිබුණා.වැඩියෙනුත් එක්ක....බොඩිමෙන් එළියට පැනලා තවත් කො‍ටු කැබලි කිහිපයකුයි හා අතු කැබලි කිහිපයකුයි හොයා ගත්තා කියමුකෝ.. ඊට පස්සේ ඉතින් මම සුබ පැතුම් පත හදලා ඉවර කළා.. මේ තියෙන්නේ එක තමයි.. 
ඉදිරිපස පෙනුම
මැද පිටුව
මේ ඉතින් අක්කිට දෙන්න ගත්ත තැග්ගලු..


අවසන් පිට
























අවසාන වශයෙන් ප්‍රශ්නයකට පිළිතුරු සෙවිමට සිදුවී ඇති බව කිව යුතුය..එනම්.."නංගි සුභ පැතුම් පත සැදුවේ කෙසේ ද?"යන්න අක්ක කිසිදා නො අසයි."මගේ කාමරය ඇවිස්සුවේ මොකාද යකෝ?"යන්න සැමදා අසයි.එයට පිළිතුරු සැපයිමට මා නොදනි.කාමරයේ සිටින නංගි එසේ නොකරන බව අක්කා දනි.අද රාත්‍රි සිහින ලොවේ දි එයට දිමට පිළිතුරක් සොයා ගනිමි..:O 
පුංචි කාලේ ඉදන් එකට
හැදුණේ වැඩුණේ එක  වගේම
තිබුණේ නෑ කිසි වෙනසක්
අවුරුද්දක් වැඩි වුණාට...
නුඹ සුදු මම කළු වුණාට 
එක උසටම නැති වුණාට
ආදරේ මට අඩු වුණාට
තරහා නැනේ කිසි දවසක...
එදා ඉදන් මේ වනතුරු
හැමදෙකින්ම වාගේ
ඉදිරියෙන්ම නුඹ කවදත්
මට වැඩියෙන්ම බොහෝම....
යම් දවසකුත් ඒවි
නුඹත් මාව දාලා යාවී
නොසිටියාට මං ළගම  ‍රැදී
ඔය හිත මා ළග ‍රැදෙවී...
ජීවිතයම ජය ගන්න දාට
මේ නංගිව අමතක වුණාට
ආසයි මා බලා ඉන්න
ඔය මුහුණේ ‍රැදි හිනාව....
25 වසරක් ලැබෙන හෙටට
අරුණලු වැටෙනට කළියෙම
සුබ පතන්නේ මා ඔබ හට
නිරොගි සම්පත් ලැබෙන්න..!!!




11 comments:

සංකල්ප said...

ඔන්න අංජලි අක්කගේ උපන්දිනේට මගෙනුත් සුබ පැතුම් !!!
අක්කගේ හාෆ් ශීට් උස්සලා අක්කටම සුබ පැතුම් හදලා දෙන නංගි කෙනෙක් ගැන ඇහුවමයි.
හලෝ ... ඔයාලට මල්ලි කෙනෙකුත් ඉන්නවද. මම් අදමයි නේ දන්නේ. කොයි අපට කියලා තියෙන එකක් යෑ.

චතුමිතු said...

@මධුරංග -: :D එහෙම හරි හැදුවා නේ යාළු.. සොයා යනු එයත් බ්ලොග් ලියපු කෙනෙක්.. :)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අක්කට සුභ උපන් දිනයක් කියලා මමත් ප්‍රාර්ථනා කළා කියන්න. ඔයා වගේ නංගියෙක් ලබන්නත් එයා පිං කරලා ඇති...!!!

නදී said...

අක්කට සුබ උපන්දිනයක් වේවා!

හිම හංසි said...

සුබම සුබ උපන් දිනයක් කියල අපිත් සුබ පෑතුව කියන්නකෝ අක්කියෝ
කාඩ් එක ලස්සනයි.ම්ම්.. මොකක්ද අර ඔතල තියෙන්නෙ?අපිටත් හොරෙන් කියන්නකෝ

සංකල්ප said...

@චතු මිතු :
එහෙම බෑ. මට ලින්ක් එක එවනු !!! නත්නම් කොහොමද බ්ලොග් 1300ක් අතරේ ඔයාගේ මල්ලිව හොයන්නේ ? :ඩී

මි හරක් පිඩියා said...

අක්කට හැපි බර්ත් ඩේ...........

චතුමිතු said...

@චතුරංග පෙරේරා-ස්තුතියි යාළු.. අපේ අක්කි නම් කියන්නේ ඔකේ අනිත් පැත්ත.. :D
හිම හංසි-:ස්තුතියි..හරි එහෙනම් හොලෙන්න් කියන්නම්.. :D
@නදී,මි හරක් පිඩියා-:ස්තුතියි හොදේ..:)
@මධුරංග-:එයා දැන් එක නවත්තලා නේ..:/ :( එයා තමයි මගේ මුල් ගුරු..:D බ්ලොග් කරන්න කියලා දිපු..:)

චතුර.... said...

අක්කට සුභ උපන් දිනයක් !!!!

Unknown said...

සුබ ම සුබ පැතුම් මගෙනුත්....

සයුරි said...

"අක්කා අරපරෙස්සම් ය නංගි විපරම්ය" :D

සුබ පතන්නනම් මම ප්‍රමාද වැඩි වගේ...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...