Related Posts Plugin for WordPress, Blogger...

(නො)වවන්නෝ (නො)දිනන්නෝ

                                                              වවන සියල්ලෝම දිනන්නෝ ද නොවෙති.දිනන සියල්ලෝම වවන්නෝ ද නොවෙති.යම් හෙයකින් වවන සියල්ලෝම දිනන්නේ නම් ගොවින් තරම් මෙලොව දිනු පිරිසක් සිටිය නොහැක.මන්ද යත් ඔවුන් ඒ තරමටම වවති.දිනන සියල්ලෝම වවන්නෝ නම් මෙරට යෞවන පරපුරෙන් වැඩි පිරිසක් ගොවියෝ විය යුතුය.මන්ද යත් සුපිරි තරු විමට ලොව පුරා බොහෝ නාලිකාවන් වල විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර වැඩි වශයෙන් එයට නැගී එන තාරුණ්‍යයේ දායකත්වයක් ලැබේ.මොන හෙතුන් සදහා මොන අයුරකින් මෙම තරග පවත්වනවා දැයි පුන පුනා පැවසිම අනවශ්‍ය යැයි සිතමි. එලෙසම කාන්තාවන් ගත් කළ ගෙවිලියන් නොවුවද ආකාර දෙකකින් වැඩි වශයෙන් වැවිමට දායක වෙති.එක් ආකාරයක් නම් කෙස් කළඹ වැවිමය.අනෙක නිය වැවිමය.කෙස් කළඹ වවන්නෝ යම් විටක පංචකල්යාණියන් වේ නම් ඔවුන් දිනන්නෝ ද වෙති.එය එසේ විමට නම් නිරෝගි,දිදුලන කෙස් කළඹක් තිබිය යුතුය.මාධ්‍ය දැන්විම් කලාවට අනුව නම් එවන් කෙස් කළඹකට කළ නොහැක්කක් නැත.මහා මාර්ග අතු ගා ගෙන යා හැකි ලෙස කෙස් කළඹ වවන්නෝ ද,මිටර් 20ක් 30ක් පමණ කෙස් කළඹ වවා ගිනස් වාර්තා තබන්නෝ ද ඇත.යම් විටක ඔවුන් පිරිමි පාර්ශවය නියොජනය කරන්නන් විම පුදුම සහගතය. 
                                         අනෙක් වැවිම ගත් කළ එය නිය වැවිමයි.එයද දැන් කල් යල් පැන ගිය විලාසිතාවක් වුවද නවතම මුහුණුවර සමගින් එය දිනෙන් දින ඉදිරියට පැමිණේ."අපි වවමු...අපිම කමු"යන සංකල්පය යටතේ නියපොතු වවා කන්නෝ ද සිටිති.නිය පොතු ආහාරයට ගැනිමෙන් කුසගින්න නිවා ගැනිමට නොහැකි වන නමුත් නිය වර්ධනයට හා වර්ණ ගැන්විම් වලට නොකරන දෙයක් නැත.මා දන්නා පරිදි එයට තරග නොමැති නමුත් සැලකිය යුතු තත්වයක් ඇත.ඒ ගැන මගේ අමනාපයක් නැතත් කාන්තාවන් සදහා එය වැදගත් ලක්ෂණයක් විය හැක.එයට නිසි තැන ලැබේ නම් අප රටේ ගොවින්ට නිසි තැන නොලැබෙන්නේ ඇයි ද යන්න මාගේ ප්‍රශ්නයයි.ඔවුන් "අපි වවමු..රට නගමු"යන සංකල්පයට එකග වේ නම් නිසි තැන ලැබිය යුතුමය.එම තැන ගොවියාට ලැබෙන තෙක් "වවන්නෝ දිනන්නෝ"යන තේමාවට මාගේ මනාපය වෙනුවට අමනාපය එක් කොට තබමි.


3 comments:

සංකල්ප said...

ඔන්න අපි නම් වවලා දිනපු අය. අපේ අප්පච්චි ගෙදර එලවලු වවනවා. මල්ලි බාන් බඩියේ වවනවා. දෙන්නම දිනලා තියෙන්නේ.

pavithra weerapperuma said...

හැක් හැක්.... අක්කත් වවනවාදෑ...

චතුමිතු said...

@මධුරංග-:ඇයි අයියට මක්කැයි වෙලා තියෙන්නේ..:D
@සුළඟිල්ල-:ඉදහිට වවමි.. :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...