Related Posts Plugin for WordPress, Blogger...

බොඩිමේ ජරමරේ


කළු කූඹි,රතු කූඹි,කඩි කූඹි මෙසේ නොයකුත් නම් දරාපු කූඹින් ඇත.නමුදු මා කියන්නට යන්නේ එසේ මෙසේ කූඹින් ගැන නොවේ.මේ අපේ නවාතැන් පොළේ සිටිනා කූඹින් ගැනයි.ඔවුන් සාමාන්‍ය කූඹින්ට වඩා අතිශයින් වෙනස්ය.එබැවින් ඔවුනට කිවයුතු නමක් මා නොදන්නා හෙයින් කතාවට අනුව ඔවුන් "බෝඩ්න් කූඹින්" ලෙස හදුන්වා දෙමි.

                                ඔවුන් කෙසේද යත් හැඩ රුවින් ගත් කළ සාමාන්‍ය කූඹින් සේමය.නමුදු ටිකක් විතර සැරපරුෂය.මොවුන් අනෙක් කූඹින්ට වඩා වෙනස් වන්නේ,කූඹිහු සාමාන්‍යයෙන් පැණි රස බොජුන් වලට ගිජු වන නමුත් මෙම බෝඩ්න් කූඹින් පැණි රස බොජුන් වලට එතරම් ගිජු නොවන බැව්නි.එ ඇයිද යන්න කිමට මා නොදනි.නැතහොත් පැණි රස දියවැඩියාවට මුල හෙයින් ඔවුන් එවා ප්‍රතික්ෂේප කරනවා විය යුතුය.එය ඒසේ වී නම් ඔවුන්ගේ වෛද්‍ය සේවය ගැන මා ඉතා සතු‍ටු වෙමි.
                                               එය එසේ තිබිය දී මා නුරුස්සන්නේ ඔවුන් මාගේ යහනේ උඩ පැනීමය.උන්ගේ උඩ පැනිල්ලට ඇදේ පොලු ටික කොයි මොහොතේ හෝ කඩා වැටෙනු නො අනුමානය.ඇදකට ගොඩ වුවා නම් නිදා ගත යුතුය.නැතහොත් බිමට බැසිය යුතුය.එසෙත් නොමැති නම් මට නිදා ගන්නට දිය යුතුය.මේ කිසිදු දෙයක් නොමැත.ඔවුන් ඇද දෙවනත් කරමින් නයිට් පාටී දමයි. පිරිසක් වට රවුම් ගැසී ඔපාදුප කතාවේහිය පිරිසක් ගාල කඩා ගත්තාක් මෙන් සී සී කඩ දුවති.සමහරුන් පෙළි ගැසී කෝච්ච් යති.ඔවුන් පොඩි ඇත්තන් ව්ය යුතුය.සමහරෙක් බිමතින් වැනි වැනී සිටි.සමහරෙක් කිසි හැල හොල්මනක් නොමැතිව හිටි වනම සිටි.එසේම මා හට සැමදා උදැසනම අවදි විමට සිදුඅවන්නේ "අවදි වන්න....අවදි වන්න....ප්‍රිතීමත් දිනකි උදාවෙලා තියෙන්නේ......" යි යන්න ඔවුන් ගයන මියුරු,සොදුරු ගීතයත් සමගිනි.
                                                         ඊටත් අමතරව දිනක් රාත්‍රියේ යම් කාර්යයක යෙදී සිටි බැව්න් රාත්‍රි ආහාර වේල ගැනිමට මාත්,මගේ යෙහෙළියත් ප්‍රමාද විය.ඒ වන විටත් බෝඩ්මේ සියල්ලන්ම සුව නින්දේ ය.අප දෙදෙනා යන විටත් කූඹින් ‍රැසක් මේසය අරක් ගෙන සිටි නමුත් ඔවුන් එක් ව්‍යංජන දීසියක් පමණක් වට කරගෙන සිටි බැවින් අප අනෙක් ව්‍යංජන සමග බත් වේල ගිල දමා බඩ කට පුරවා ගත්තේමු. ඔවුන් වට කර සිටි ව්‍යංජන දිසිය කුමක්ද යන්න ඔබ දනිත් නම් විශ්මයට පත්වෙවී.යහගුණයෙන් පිරි ව්‍යංජන කිහිපයක් මේසය උඩ තිබුණද ඒ දිහා ඇහැක් ඇරවත් බලා තිබු බවක් නොපෙණුනේ ඔවුන්ට සොසේජ්ස් බැදුම් දීසියක් හමු වී තිබු නිසාවෙනි.එය අපේ අම්මා කියන්නාක් මෙන් ඔවුන්ටද ගමේ,ගොඩේ,වෙළේ හැදෙන ගුණවත් කැමක් රස වීදිමට බැරි එවුන් නිසා විය යුතුය.
                                                          අවසාන වශයෙන් මා හට ඔවුන් ගේ සොඛ්‍ය අමත්‍යංශයට දැනුම් දිමට ඇත්තේ ඉහත කරුණ පිළිබදව ඔවුන් දැනුවත් කර එයින් ඔවුන් මුදවා ගන්නා ලෙසයි.එවිට යම් විටක "අප කන්නේ මොනවාදැයි"අසා ඔවුන් වැඩ වර්ජනයක නිරත වුවහොත් ඒ සදහා ක්‍රියාමාර්ග ගැනුමට ඔවුන් ගේ රාජ පාලකයාට බාර කරමින් මා නිහඩ වෙමි.

6 comments:

සංකල්ප said...

අර කිව්වත් වගේ පොෂ් කූබී !!!!!
හික්ස්. අපි නම් කූබින්ට කමති නෑ. අපි උන්ට උගුල් අටවනවා.

නදී said...

නරකද කූඹි බෙහෙත් ටිකක් දැම්මොත්

නාකියා said...

චතුමිතු මෙතැන ජ්‍යාතන්තර කුමන්ත්‍රණයක් දියත් කර ඇත.පිරිමි පාර්ශවය හෙලා දැකීමට කටයුතු කර ඇත.කූඹිච්චියන් ගැන කිසිදූ සඳහනක් නොමැති වීම පිළිබදව මාගේ දැඩි විරෝධය.
:D

සාටර් said...

@ නාකියා - +++++++++++++++

චතුර.... said...

කූඹුයන් කෙරෙහි නරක අසත්‍ය ප්‍රචාරයන් ගෙන යාමට එරෙහිව සමස්ථ කූඹි සංහතිය වෙනුවෙන් මාගේ විරෝධය..

චතුමිතු said...

@මධුරංග-:පව් වැඩක් නේ එක... :O
@නදී-: පව් නැද්ද නදියෝ ...??? :)
@නාකියා & චාටර් කොල්ලා -:කුඹිත්තියන් එළියට එන්නේ නැත..ගෙදර දොරේ වැඩ කරගනිමින් පොඩ්ඩන්ව බලාගෙන සිටි.. කුඹි තාත්තලා ගෙනුත් වදයක් නැත..කෑම බීම ටික සොයා ගෙන යති..රස්තියාදුවේ යන කුඹි කොල්ලොන් ගෙන් තමා මේ වදේ.. :D
@චතුර-: හික්ස්.. උනුත් මෙන්න.. ලැප් එක උඩ නැගගෙන උද්ගෝෂණයක..එහෙනම් ඔයයි..එයාලව කුලප්පු කලේ

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...