Related Posts Plugin for WordPress, Blogger...

සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියෝ..!


මධුරංග ගේ පොස්ට් එක දැක්කහමයි මතක් වුණේ..අපේ අක්කාගේ උපන් දිනයත් හෙට(2011/08/05).අනේ මන්දා මෙලෝ දෙයක් කළේ නෑ මේ වැඩ අස්සේ..ඉදලා ඉදලා ඉපදුනා නේ ඉතින්..:O ඇයි අනේ වෙන දවසක ඉපදෙන්න තිබුණා නේ..:P කොහොම හරි දැන් උපන් දින සුභ පැතුම් පතක් වත් හදන්න එපැයැ..මට කියලත් අක්කලා ගොඩක් ඉන්න එකක් යැ..කොහොමෙන් කොහොම හරි මම වැඩේට අත ගැහුවා..අත ගැහුවට මොකෝ මගේ පිස්සන් කො‍ටුව අනිත් පැත්ත දාලවත් මට එක තනි සුදු කොළයක් හොයාගන්න බැරි වුණා නේ..:/ වැඩේ හරියන්නේ නෑ.අක්කා බෝඩිමේ නෑ...ගෙදර ගිහිල්ලා.අක්කත් එක්ක රූම් එකේ ඉන්න නංගියත් නෑ.කැම්පස් ගිහින් තාම ඇවිත් නෑ.( මායි අක්කයි ඉන්නේ එකම බෝඩිමේ.එකම බෝඩිමේ වුණාට කාමර දෙකක.)ලද ඇසිල්ලෙන් මාත් පැනගත්තා අක්කාගේ කාමරයට..ඉතින් හෙවුවා සුදු කඩදාසියක්.. හොයාගෙන හොයාගෙන යනකොට අහුවුණා කොළ කෑළි පුරවපු ෆයිල් එකක්.ඒ කාමරේ ඉදගෙන ඕක බලන්න බෑ නේ අනේ.....මම එකත් අරගෙන මගේ කාමරේට පැනගත්තා.දන්නවද එකේ තිබුණේ මොනවද කියලා..පාට පාට A4කොළ,යහළු යෙහෙළියන් ගෙන් ලැබුණු සුබ පැතුම් පත්,තෑගි පාර්සල් කරන කොළ,රිබන් පටි එහෙමත් තිබුණා.අපේ අක්කි කොහොමත් අරපරෙස්සම්ය.නංගි විපරම්ය.එබැවින් අක්කා අරපරෙස්සම් කරන දෑ නංගාට මනා ලෙස හසුවේය.. :D එත් එක්කම තිබුණු තවත් කොළ කිහිපයක්දැකලා මගේ ඇස් වලට කදුළු පිරුණා... සත්තයි.ඒ වෙන මොනවත් නෙවේයි මම අක්කට එක්තරා කාළයක දී ලියලා එවපු ලියුම් වගයකු යි,කවි කිහිපයකුයි...ඒ හැම දෙයක්ම මනා ලෙස පිළිවළකට අසුරලා තිබුණා.අක්කා එවා එතරම් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා කියලා මට කවදාවත්ම හිතුණේ නෑ.කොහොම වුණත් මට සුබ පැතුම් පත්‍රයක් නිර්මාණය කර ගන්න ඔනේ කරන සියලු කළමණා ෆයිල් එක ඇතුලේ නම් තිබුණා.වැඩියෙනුත් එක්ක....බොඩිමෙන් එළියට පැනලා තවත් කො‍ටු කැබලි කිහිපයකුයි හා අතු කැබලි කිහිපයකුයි හොයා ගත්තා කියමුකෝ.. ඊට පස්සේ ඉතින් මම සුබ පැතුම් පත හදලා ඉවර කළා.. මේ තියෙන්නේ එක තමයි.. 
ඉදිරිපස පෙනුම
මැද පිටුව
මේ ඉතින් අක්කිට දෙන්න ගත්ත තැග්ගලු..


අවසන් පිට
























අවසාන වශයෙන් ප්‍රශ්නයකට පිළිතුරු සෙවිමට සිදුවී ඇති බව කිව යුතුය..එනම්.."නංගි සුභ පැතුම් පත සැදුවේ කෙසේ ද?"යන්න අක්ක කිසිදා නො අසයි."මගේ කාමරය ඇවිස්සුවේ මොකාද යකෝ?"යන්න සැමදා අසයි.එයට පිළිතුරු සැපයිමට මා නොදනි.කාමරයේ සිටින නංගි එසේ නොකරන බව අක්කා දනි.අද රාත්‍රි සිහින ලොවේ දි එයට දිමට පිළිතුරක් සොයා ගනිමි..:O 
පුංචි කාලේ ඉදන් එකට
හැදුණේ වැඩුණේ එක  වගේම
තිබුණේ නෑ කිසි වෙනසක්
අවුරුද්දක් වැඩි වුණාට...
නුඹ සුදු මම කළු වුණාට 
එක උසටම නැති වුණාට
ආදරේ මට අඩු වුණාට
තරහා නැනේ කිසි දවසක...
එදා ඉදන් මේ වනතුරු
හැමදෙකින්ම වාගේ
ඉදිරියෙන්ම නුඹ කවදත්
මට වැඩියෙන්ම බොහෝම....
යම් දවසකුත් ඒවි
නුඹත් මාව දාලා යාවී
නොසිටියාට මං ළගම  ‍රැදී
ඔය හිත මා ළග ‍රැදෙවී...
ජීවිතයම ජය ගන්න දාට
මේ නංගිව අමතක වුණාට
ආසයි මා බලා ඉන්න
ඔය මුහුණේ ‍රැදි හිනාව....
25 වසරක් ලැබෙන හෙටට
අරුණලු වැටෙනට කළියෙම
සුබ පතන්නේ මා ඔබ හට
නිරොගි සම්පත් ලැබෙන්න..!!!




Read More...

බොඩිමේ ජරමරේ


කළු කූඹි,රතු කූඹි,කඩි කූඹි මෙසේ නොයකුත් නම් දරාපු කූඹින් ඇත.නමුදු මා කියන්නට යන්නේ එසේ මෙසේ කූඹින් ගැන නොවේ.මේ අපේ නවාතැන් පොළේ සිටිනා කූඹින් ගැනයි.ඔවුන් සාමාන්‍ය කූඹින්ට වඩා අතිශයින් වෙනස්ය.එබැවින් ඔවුනට කිවයුතු නමක් මා නොදන්නා හෙයින් කතාවට අනුව ඔවුන් "බෝඩ්න් කූඹින්" ලෙස හදුන්වා දෙමි.

                                ඔවුන් කෙසේද යත් හැඩ රුවින් ගත් කළ සාමාන්‍ය කූඹින් සේමය.නමුදු ටිකක් විතර සැරපරුෂය.මොවුන් අනෙක් කූඹින්ට වඩා වෙනස් වන්නේ,කූඹිහු සාමාන්‍යයෙන් පැණි රස බොජුන් වලට ගිජු වන නමුත් මෙම බෝඩ්න් කූඹින් පැණි රස බොජුන් වලට එතරම් ගිජු නොවන බැව්නි.එ ඇයිද යන්න කිමට මා නොදනි.නැතහොත් පැණි රස දියවැඩියාවට මුල හෙයින් ඔවුන් එවා ප්‍රතික්ෂේප කරනවා විය යුතුය.එය ඒසේ වී නම් ඔවුන්ගේ වෛද්‍ය සේවය ගැන මා ඉතා සතු‍ටු වෙමි.
                                               එය එසේ තිබිය දී මා නුරුස්සන්නේ ඔවුන් මාගේ යහනේ උඩ පැනීමය.උන්ගේ උඩ පැනිල්ලට ඇදේ පොලු ටික කොයි මොහොතේ හෝ කඩා වැටෙනු නො අනුමානය.ඇදකට ගොඩ වුවා නම් නිදා ගත යුතුය.නැතහොත් බිමට බැසිය යුතුය.එසෙත් නොමැති නම් මට නිදා ගන්නට දිය යුතුය.මේ කිසිදු දෙයක් නොමැත.ඔවුන් ඇද දෙවනත් කරමින් නයිට් පාටී දමයි. පිරිසක් වට රවුම් ගැසී ඔපාදුප කතාවේහිය පිරිසක් ගාල කඩා ගත්තාක් මෙන් සී සී කඩ දුවති.සමහරුන් පෙළි ගැසී කෝච්ච් යති.ඔවුන් පොඩි ඇත්තන් ව්ය යුතුය.සමහරෙක් බිමතින් වැනි වැනී සිටි.සමහරෙක් කිසි හැල හොල්මනක් නොමැතිව හිටි වනම සිටි.එසේම මා හට සැමදා උදැසනම අවදි විමට සිදුඅවන්නේ "අවදි වන්න....අවදි වන්න....ප්‍රිතීමත් දිනකි උදාවෙලා තියෙන්නේ......" යි යන්න ඔවුන් ගයන මියුරු,සොදුරු ගීතයත් සමගිනි.
                                                         ඊටත් අමතරව දිනක් රාත්‍රියේ යම් කාර්යයක යෙදී සිටි බැව්න් රාත්‍රි ආහාර වේල ගැනිමට මාත්,මගේ යෙහෙළියත් ප්‍රමාද විය.ඒ වන විටත් බෝඩ්මේ සියල්ලන්ම සුව නින්දේ ය.අප දෙදෙනා යන විටත් කූඹින් ‍රැසක් මේසය අරක් ගෙන සිටි නමුත් ඔවුන් එක් ව්‍යංජන දීසියක් පමණක් වට කරගෙන සිටි බැවින් අප අනෙක් ව්‍යංජන සමග බත් වේල ගිල දමා බඩ කට පුරවා ගත්තේමු. ඔවුන් වට කර සිටි ව්‍යංජන දිසිය කුමක්ද යන්න ඔබ දනිත් නම් විශ්මයට පත්වෙවී.යහගුණයෙන් පිරි ව්‍යංජන කිහිපයක් මේසය උඩ තිබුණද ඒ දිහා ඇහැක් ඇරවත් බලා තිබු බවක් නොපෙණුනේ ඔවුන්ට සොසේජ්ස් බැදුම් දීසියක් හමු වී තිබු නිසාවෙනි.එය අපේ අම්මා කියන්නාක් මෙන් ඔවුන්ටද ගමේ,ගොඩේ,වෙළේ හැදෙන ගුණවත් කැමක් රස වීදිමට බැරි එවුන් නිසා විය යුතුය.
                                                          අවසාන වශයෙන් මා හට ඔවුන් ගේ සොඛ්‍ය අමත්‍යංශයට දැනුම් දිමට ඇත්තේ ඉහත කරුණ පිළිබදව ඔවුන් දැනුවත් කර එයින් ඔවුන් මුදවා ගන්නා ලෙසයි.එවිට යම් විටක "අප කන්නේ මොනවාදැයි"අසා ඔවුන් වැඩ වර්ජනයක නිරත වුවහොත් ඒ සදහා ක්‍රියාමාර්ග ගැනුමට ඔවුන් ගේ රාජ පාලකයාට බාර කරමින් මා නිහඩ වෙමි.

Read More...

(නො)වවන්නෝ (නො)දිනන්නෝ

                                                              වවන සියල්ලෝම දිනන්නෝ ද නොවෙති.දිනන සියල්ලෝම වවන්නෝ ද නොවෙති.යම් හෙයකින් වවන සියල්ලෝම දිනන්නේ නම් ගොවින් තරම් මෙලොව දිනු පිරිසක් සිටිය නොහැක.මන්ද යත් ඔවුන් ඒ තරමටම වවති.දිනන සියල්ලෝම වවන්නෝ නම් මෙරට යෞවන පරපුරෙන් වැඩි පිරිසක් ගොවියෝ විය යුතුය.මන්ද යත් සුපිරි තරු විමට ලොව පුරා බොහෝ නාලිකාවන් වල විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර වැඩි වශයෙන් එයට නැගී එන තාරුණ්‍යයේ දායකත්වයක් ලැබේ.මොන හෙතුන් සදහා මොන අයුරකින් මෙම තරග පවත්වනවා දැයි පුන පුනා පැවසිම අනවශ්‍ය යැයි සිතමි. එලෙසම කාන්තාවන් ගත් කළ ගෙවිලියන් නොවුවද ආකාර දෙකකින් වැඩි වශයෙන් වැවිමට දායක වෙති.එක් ආකාරයක් නම් කෙස් කළඹ වැවිමය.අනෙක නිය වැවිමය.කෙස් කළඹ වවන්නෝ යම් විටක පංචකල්යාණියන් වේ නම් ඔවුන් දිනන්නෝ ද වෙති.එය එසේ විමට නම් නිරෝගි,දිදුලන කෙස් කළඹක් තිබිය යුතුය.මාධ්‍ය දැන්විම් කලාවට අනුව නම් එවන් කෙස් කළඹකට කළ නොහැක්කක් නැත.මහා මාර්ග අතු ගා ගෙන යා හැකි ලෙස කෙස් කළඹ වවන්නෝ ද,මිටර් 20ක් 30ක් පමණ කෙස් කළඹ වවා ගිනස් වාර්තා තබන්නෝ ද ඇත.යම් විටක ඔවුන් පිරිමි පාර්ශවය නියොජනය කරන්නන් විම පුදුම සහගතය. 
                                         අනෙක් වැවිම ගත් කළ එය නිය වැවිමයි.එයද දැන් කල් යල් පැන ගිය විලාසිතාවක් වුවද නවතම මුහුණුවර සමගින් එය දිනෙන් දින ඉදිරියට පැමිණේ."අපි වවමු...අපිම කමු"යන සංකල්පය යටතේ නියපොතු වවා කන්නෝ ද සිටිති.නිය පොතු ආහාරයට ගැනිමෙන් කුසගින්න නිවා ගැනිමට නොහැකි වන නමුත් නිය වර්ධනයට හා වර්ණ ගැන්විම් වලට නොකරන දෙයක් නැත.මා දන්නා පරිදි එයට තරග නොමැති නමුත් සැලකිය යුතු තත්වයක් ඇත.ඒ ගැන මගේ අමනාපයක් නැතත් කාන්තාවන් සදහා එය වැදගත් ලක්ෂණයක් විය හැක.එයට නිසි තැන ලැබේ නම් අප රටේ ගොවින්ට නිසි තැන නොලැබෙන්නේ ඇයි ද යන්න මාගේ ප්‍රශ්නයයි.ඔවුන් "අපි වවමු..රට නගමු"යන සංකල්පයට එකග වේ නම් නිසි තැන ලැබිය යුතුමය.එම තැන ගොවියාට ලැබෙන තෙක් "වවන්නෝ දිනන්නෝ"යන තේමාවට මාගේ මනාපය වෙනුවට අමනාපය එක් කොට තබමි.


Read More...

මොකාද බොල මේ?

                                                        මේකා මොකා වුනත් හරි හොද එකා මෙයා..වෙලාවකට නම් මට ඔකත් එක්ක 84000ටම නගිනවා.එත් ඉතින් කවුද යකෝ එකා...ඇත්තටම මට ඕකව වැඩි වශයෙන් මතක් වෙන්නේ විභාහගයක් ළං වුනාම.මොකද කියනවා නම් පාඩම් කරන්න තියෙන පොත් දිහා බැලුවම මීට වඩා හොදයි මේවා කෑවනම් කියලා හිතෙන වාර ගණන අනන්තයි.එත් ඉතින් කාලා කොහොමද දිරවන් නේ නෑ නේ.එකටම තමයි මම පහුගිය ටිකේ ඔය ඕකව හොය හොය හිටියේ....ඔන්න කොහොමෙන් කොහොම හරි ඕකව හම්බවුනයි කියමුකො..මාත් ඉතින් ඔය පාඩම් කර කර හිටිය පොත් ටික ඒකට දිලා බලා උන්නා.ඌත් මාරම මාරම එකෙක් තමයි.මාත් බලා ඉදිද්දිම පොත් ටික එක හුස්මට ගිලගෙන ගියා නේ.පව් මේ අසරණයා සැහෙන්න බඩගිනේ ඉදලා තියෙනවා.කොහොම උනත් අසරණයෙකුට කන්න දිලා කරගත්ත පිනටත්,හෙට විභාහගය ගොඩ යයි කියලා හිතුන සතුටත් එදා ‍රැ මට හොදටම නින්ද ගියා.
                                                                                ඔන්න ඉතින් මම පහුවදා උදෙන්ම ඕකවත් එක්ක ගෙන විභාහගෙට යන්න ලැස්ති වුණා.ඔයාලට කියන්න අනේ පොඩි එකා කියලා නෑ කොන්දොස්තර මාමා ඌටත් 1/2 ටිකට් එකක් කැඩුවා.එකත් කමක් නෑ.... විභාහගේ ගොඩ නේ...ඔන්න ඉතින් මම ඕකව විභාහග ශාලාවටම එක්කගෙන ගියා.පුදුම වැඩේ කියන් නේ මේකට මටත් වැඩිය පුදුම හදිසියක් තිබුනේ ප්‍රශ්න පත්ත්‍රරය දෙනකම්ම.ඔන්න දැන් ප්‍රශ්න ප්‍රත්තරයත් දුන්නා කියමුකෝ.මාත් දැන් ඉතින් ඌට පළවෙනි ප්‍රශ්නය කියවලා උත්තරේ කියන්න ඇරලා මොහොතක් බලාගෙන හිටියා.මේකා හම ගහන්න එපැයැ...තප්පර 5 ක් වත් ගියේ නෑ මේකා මගේ ප්‍රශ්න ප්‍රත්තරයරයම ගිලලා දැම්ම නේ.දැන් ඉතින් මොකද කරන්නේ මගේ මුළු සේසතම කෑවා.ආයෙත් කොහොමද රිපිට් එකක් වත් කරන්නේ මු පොත් ඔක්කොම ගිල්ල නේ.මට ඉතින් ඌගේ අම්මා,අප්පා හිතං මතක් උනා ඔය වෙලාවේ.
                                                                   එහෙම කියන කොටයි මතක් උනේ ඕකගේ නෑයො වගයක් උන්නානේ අපේ මහ ගෙවල් පැත්තේ. මමත් ඉතින් ඔය පොඩි කාලේ ඉදලා අකුරු සාස්තරේ කරපු පොත් පත් ටික අරන් තිබ්බා ලොකු වෙන කොට බලන්න කියලා.ඒ ඉතින් මට පොත් පිරෙන්න තරුවත්,හරි ලකුණු වත් ලැබුණ නිසා නෙවයි.ලැබුණ තරමක් ලැබුණේ කතිර ලකුණ තමයි.ඒ කාලේ නම් කතිර ලකුණක් වැ‍ටුණහම මට හරියට දුක හිතුනා "අම්මපා මේ ගුරුවරුන්ට හිතක් පපුවක් නැහැ යි"නේද කියලා.නමුත් ලොකු වෙනකොටයි තෙරුණේ කතිර ලකුණ දෙන්නේ මනාපෙටයි කියලා.ගුරුවරු මට කොච්චර මනාප ද කියලා පොත් ටික දැක්කහම තේරෙනවා.දැන් එවා බලලා මම පුදුම ආශ්වාදයක් ලබනවා.ඒ වෙලාවට තමයි මට ඉතින් හිතෙන් නේ ආයෙත් සුදු ගවුම ඇදගෙන ඉස්කොලේට දුවලා ආවනම් හොදයි කියලා.
මම ගිය පාර ගමේ ගිය වේලාවෙත් දැක්කා මගේ පොත් රාක්කේ උඩ තාමත් ඒ පොත් ටික බැබලී බැබලී තියෙනවා.මකුණු මලයා එහෙම දැලකුත් දාලා මගේ පොත් ආරක්ෂා කොරන්ඩ.
හැබැයි මෙදා පාර ගමේ ගිහින් පොත් ටික බලන කොට සමහරක් පොත් පිටින්ම නෑ.මමත් ලෙසියෙන් අතාරියේ නෑ. සී.අයි.ඩී පාරක් දාලා බැලුවා හොරා කවුද කියලා.අන්තිමෙදි අතටම අහුවුණා.වෙන කවුරුත් නෙවයි මම කලින් කියපු එකා ගේ නෑදෑ පරපුර තමයි ඉතින්.
සමහරක් පොත් වල තැනින් තැන කාලා දාලා තිබුණේ අතවශ්‍ය හා අගනා කොටස් උපුටා තිබුණා වගේ.මම අදටත් දුක් වෙන්නේ බලධාරින් ගේ අවසරයකින් තොරව උපුටා ගැනිම තහනම් කියලා පොත පිටිපස්සේ මුද්‍රණය කරගන්න බැරි විම ගැන.

Read More...

කඳුළක හිමිකාරිය විමි..

ලොවම නිදන විට-කදුළු අතර සිට
අවදිකර සිත-අසා ගතිමි මම
ආදරේ කිම -ඔබ සොයා යන
වෙනදා සිත් සේ-අහස පුරාවට
යන සිත අද නැත -නැවති ඉකිබිද
ඒ සිත බිදදා-දැමු පසු කෙලෙසද
හදවතක් කියා වෙන-තියේද තව මට
තිබුණ යි තනියට-ගිලන්ව මේ සිත
අරගෙන ඒ සිත-පියඹමි දුරකට
අරමුණක් නැහැ මට-තව දුර යන්නට
කියා දෙනු මැන-ලොවට රහසේම
කිමද ආදරේ ඔබේ-ඔය හැටි ඔච්චර
මාව නොහඩවමින්-හඩවන....



(ප.ලි-:බුද්ධිමය දේපළ සොරා ගන්නා ලදි..)

Read More...
Related Posts Plugin for WordPress, Blogger...